fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සනත් නිශාන්ත අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 17, 2022 18:29

සනත් නිශාන්ත අත්අඩංගුවට

පුත්තලම දිස්ත්‍රික් හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා රහස් පොලීසිය මගින් අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ ගෝඨාගෝගම,  මයිනා ගෝ ගම යන උද්ඝෝෂණවලට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන්.

පසුගිය 9 වනදා අරලිගයගහ මන්දිරයේ පැවැත්වූ හමුවකින් අනතුරුව එය ඉදිරිපිට තිබූ මයිනා ගෝ ගම අරගල භුමියට හා ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගල භුමියට එල්ල වූ මැර ප්‍රහාරයට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලෙස නීතිපති වරයා ඊයේ රහස් පොලීසියට දැනුම් දුන්නා. ඒ අනුවයි අද සනත් නිශාන්ත මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ. එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනීමට කටයුතු යොදා තිබෙනවා.

හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු,  පවිත්‍රා වන්නිආරච්චි,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මිලාන් ජයතිලක,  සංජීව එදිරිමාන්න සහ ජ්‍යෙෂ්ඨ නියෝජ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු විසිදෙදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට නීතිපති වරයා උපදෙස් ලබාදී තිබුණා.

ITN News Editor
By ITN News Editor මැයි 17, 2022 18:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්