බ්‍රිතාන්‍යයේ සුපිරි ටෙනිස් ක්‍රීඩිකා ලව්රා රොබ්සන් ටෙනිස් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
28 වන වියේ පසුවන ලව්රා රොබ්සන් කනිෂ්ඨ විම්බල්ඩන් ශූරතාව දිනාගත් එකම බ්‍රිතාන්‍ය ක්‍රීඩිකාව ලෙස ටෙනිස් වාර්තා පොත් අතරට එක්ව තිබෙනවා. මීට අමතරව ඔලිම්පික් තරගාවලියේ දී රිදී පදක්කම දිනාගත් ඇය ටෙනිස් තරගාවලි කිහිපයක්ම ජයගත් ප්රමුඛ පෙලේ ක්‍රීඩිකාවක්. නමුත් පසුකාලීනව වළලුකර ප්‍රදේශයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඇය තරමක් ටෙනිස් පිටියෙන් ඈත්ව සිටියා.