ගාලුමුවදොර අරගලය අද 38 වන දිනටත් පැවැත්වෙනවා. වෙසක් පොහොය යෙදී තිබූ ඊයේ දිනයේ දී ඒ වෙනුවෙන් තොරණ, දන්සැල් ඇතුළු වෙසක් සැරසිලි වලින් අරගල භූමිය වර්ණවත් වුණා.
ගාමුවුදොර සහ ජනාධිපති ලේකම් කාර්යාලය අවට භූමිය විවිධ සැරසිලි වලින් අලංකාරවත් කරමින් අරගලය පැවැත්වීමටයි ඊයේ රාත්රියේ කටයුතු කෙරුණේ. අරගල භූමියේ දන්සැලක් ලබාදීමට ද පියවර ගැණුනු අතර ඒ සදහා බොහෝ පිරිසක් සහභාගිවී තිබුණා.
කොළඹ දිස්ත්රික්කයේ පාපැදිකරුවන් පිරිසක් නිදහස් චතුරශ්රය අසලින් ආරම්භ කළ පාපැදි සවාරිය අරගල භූමිය දක්වා පැමිණියා. අරගලයට සහාය දැක්වීමේ අරමුණෙන් එලෙස පැමිණි බවයි ඔවුන් පැවසුවේ.
මේ අතර අරලියගහ මන්දිරය ඉදිරිපිට පිහිටුවා ඇති නෝඩීල්ගම ලෙස නම්කර ඇති ගම්මානය ද 4 වන දිනටත් අද පැවැත්වෙනවා. ඊයේ රාත්රියේ එම ස්ථානයේ ද වෙසක් පොහොය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්රියාත්මක කෙරුණා. දන්සැලක් ලබාදීමට ද ඔවුන් පියවර ගත්තේ මෙලෙසින්.