ශ්රී ලංකාව හා බංග්ලාද්ශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. අද දිනයේ දිවා භෝජනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ශ්රී ලංකා කණ්ඩායම කඩුළු 06 ක් දැවී කුණු 327 ක් ලබා ගෙන සිටිනවා.
තරගයේ පළමු දිනය වන ඊයේ දිනය නිමා වන විට ශ්රී ලංකා කණ්ඩායම කඩුළු 04ක් දැවී ලකුණු 258 ක් ලබා සිටියා. අද දිනයේදී තරගය ආරම්භ කරමින් ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් පන්දුවට පහරදීමට පිටියට පිවිස අතර ශකීබ් අල් හසන්ගේ පන්දුවක් හමුවේ දිනේෂ් චන්දිමලා දැවී යන විට ඔහු ලකුණූ 66 ක් ලබාසිටියා. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 147ක් ලබා සිටිනවා.