fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බංග්ලාදේශයට එරෙහිව සටන්වදින හැටි ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා හෙළි කරයි

ITN News Editor
By ITN News Editor මැයි 14, 2022 13:37

බංග්ලාදේශයට එරෙහිව සටන්වදින හැටි ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා හෙළි කරයි

හෙට ආරම්භවීමට නියමිත ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙස ඕෂධ ප්‍රනාන්දු ක්‍රීඩා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසනවා.

සූම් තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි   ඔහු මේ බව සදහන් කළේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලියේ පළමු තරගය බංග්ලාදේශයේදී හෙට ආරම්භ වනනවා. ශ්‍රී ලංකා වේලාවේන් උදෑසන 09.30ට ආරම්භ කෙරෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා නායකත්වය දිමුත් කරුණාරත්නට හිමිවී ඇති අතර බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය හිමිවී ඇත්තේ මොනිමුල් හක්ටයි.  ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනේෂ් චන්දිමාල්,  ධනංජය ද සිල්වා,  නිරෝෂන් දික්වැල්ල ඇතුළු පිතිකරුවන් මෙන්ම විශ්ව ප්‍රනාන්දු,  කසුන් රජිත,  ප්‍රවීන් ජයවික්‍රම ඇතුළු පන්දු යවන්නන් ද ක්‍රීඩා කිරීමට නියමිතයි. කෙසේ වෙතත් ඊෆය් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න හෙට තරගවදින කණ්ඩායමේ සංයුතිය පිළිබද මෙසේ අදහස් පල කළා.

මෙම සංචිතයට අපේ කණ්ඩායමේ හිටපු ප්‍රවීණතම ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු වන පැතුම් නිශ්ශංක සහ ලහිරු තිරිමාන්න ඇතුළත් වී නැහැ. ඒ නිසා කණ්ඩායමක් විදියට අපි තීරණය කළා මාත් එක්ක ආරම්භක පිතිකරු ලෙස ඕෂධ ප්‍රනාන්දු ක්‍රීඩා කරවන්න. ඒ වගේම චිතගෝං තණතීරුව පිතිකරුවන්ට වාසිගත වුවත් දඟපන්දු යවන්නන්ට ඒ තරම් හිතකර තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ නිසා මේ තරගය ජයග්‍රහණය කරන්න කණ්ඩායම් දෙකටම ඒතරම් ලේසි වෙන්නේ නැ කියලා මම විශ්වාස කරනවා. කොහොම වුණත් මෙහිදී අපේ වේගපන්දු යවන්නන් පිලිබදවත් අපි වැඩි වශයෙන් අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ වගේම මේ දිනවල බංග්ලාදේශය ඇද හැලෙන වර්ෂාව නිසා තණතීරු යම් මට්ටමක තෙත මට්ටමකයි පවතින්නේ. ඒ පිළිබවත් අපේ කණ්ඩායම මේ වෙලාවේ අවදානය යොමුකරලා තියෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 14, 2022 13:37

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්