fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අල්ජසීරා මාධ්‍යවේව්දිනියක වූ ශිරීන් අබූ අක්ලේ ඝාතනය කිරීම UN ආරක්ෂක මණ්ඩලය හෙලා දකී

ITN News Editor
By ITN News Editor මැයි 14, 2022 15:48

අල්ජසීරා මාධ්‍යවේව්දිනියක වූ ශිරීන් අබූ අක්ලේ ඝාතනය කිරීම UN ආරක්ෂක මණ්ඩලය හෙලා දකී

අල්ජසීරා මාධ්‍ය ආයතනයට අයත් මාධ්‍යවේව්දිනියක වූ ශිරීන් අබූ අක්ලේ ඝාතනය කිරීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙලා දැක තිබෙනවා.

ඊශ්‍රායල් හමුදා ප්‍රහාරයකිනුය් මාධ්‍යවේදිනිය ඝාතනයට ලක් වුණේ. ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් පලස්තීන ජාතිකයන්ගේ දැඩි විරෝධයක් එල්ල වුණා. විශේෂ නිවේදනයක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සඳහන් කරන්නේ ජනමාධ්‍යෙව්දීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තම මණ්ඩලය දැඩි ලෙස පෙනී සිටින බවයි. ඊශ්‍රායල පලස්තීන දේශසීමාවේ පවතින තත්ත්වය සම්බනධයෙන් අඛණ්ඩව නිරීක්ෂණය කරන බව ද ආරක්ෂක මණ්ඩලය නිකුත් කල නිවේදනයේ දැක්වෙනවා. ජෙනින් ප්‍රදේශයේ  ඊශ්‍රායල ආරක්ෂක හමුදා සිදුකල මෙහෙයුමක් ආවරණය කරන අවස්ථාවේ දී ඇය ඝාතනයට ලක් වුණේ.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 14, 2022 15:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්