පසුගිය නව වනදා අරලිය ගහ මන්දිරයට ඇතුළුවීමට උත්සාහකළ පිරිස් විසිරුවා හැරීමට උත්සාහ කළ අවස්ථාවේ කදුළුවායු රයිෆලය පුපුරායාමෙන් මිය ගිය උප පොලිස් පරික්ෂකවරයා පොලිස් පරික්ෂක ධුරයට උසස් කර තිබෙනවා.
පී. රංගන තුෂාර නමැති මෙම උප පොලිස් පරික්ෂකවරයා කැරළි මර්ධන කණ්ඩායම මෙහෙයවමින් කදුලු වායු රයිෆලය භාවිත කරමින් සිටියදීයි එය පුපුරා ගොස් ජීවිතක්ෂයට පත්වුයේ. පොලිස් මහජන සාමය කළමනාකරණ කොට්ඨාසයේ සේවය කරමින් සිටි මෙම නිලධාරියා පොලිස් පරික්ෂක තනතුරට උසස් කර තිබෙනවා. ඔහුගේ බිරිද හා දරුවන් වෙත පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් ලක්ෂ 50ක මුදලක් ද ලබාදුන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරනවා.