චෙන්නායි දණ ගැස්සූ මුම්බායි
Related Articles
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර තරගය කඩුළු 05 කින් ජය ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.
ඉන්දියී ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගවලියේ 59 වන තරගය ලෙසයි ඊයේ දිනයේ චෙන්නායි සහ මුම්බායි කණ්ඩායම් තරග වැදුනේ.තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් චෙන්නායි කණ්ඩායම පන්දුවාර 16 කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 97 ක් පමණයි. ආරම්භක පිතිකුරු රුත්රාජ් ගයික්වඩ් ලකුණු 07 කට දැවී ගියා. ඩෙවෝන් කෝන්වේ සහ මෝයින් අලි ලකුනු නොලබා දැවී ගිය අතර රොබින් උත්තාපාට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 36 ක් රැස් කළා. පන්දු යැවීමේදී ඩැනියෙල් සෑම්ස් ලකුණු 16ට කඩුලු 03 ක් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 14 යි පන්දු 05 කදී කඩුළු 05 ක් පමණක් දැවී තරගයේ ජය හිමිකර ගත්තා. චෙන්නායි ඉනිම සුනු විසුනු කර දැමූ වේග පන්දු යවන ක්‍රීඩක ඩැනියෙල් සෑම් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.
දකුනු ආසියානු මේසපන්දු සම්මේලනය සංවිධාන කළ දකුණු ආසියානු කණිෂ්ට හා ආධුනික මේසපන්දු තරගාවලිය පසුගියදා මාලදිවයිනේ මාලේ නුවරදී පැවැත්වුණා. වයස් කාණ්ඩ 04 ක් යටතේ පැවති මෙම තරගාවලියේ කණ්ඩායම් ඉසව් වලදී ශ්‍රී ලංකා වට හිමිකරගත හැකි වූයේ රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දෙකක් පමණයි. නමුත් පෙර වර්ෂවල දක්ෂතා සමග සැසදීමේදී මෙම ජයග්‍රහණ කිසිසේතම ප්‍රමාණවත් නොවන බවයි මේස පන්දු ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ. එමෙන්ම වයස අවුරුදු 19 න් පහළ ක්‍රීඩකයින් මෙම තරගාවලියේදී ඉතිහාසයේ පළමුවරට බංග්ලාදේශ කණ්ඩායම් හමුවේ තරග වට තුනට දෙකක් ලෙස පරාජයට පත් වීම වැඩිදෙනාගේ අවධානය යොමු ලක් වුණා. මෙම වයස් කාණ්ඩයට ප්‍රබල ඉන්දීය කණ්ඩායම තරග නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා පහසුවෙන් රන් පදක්කමක් හිමිකර ගැනීමේ අවස්ථාව පැවතුනද බංග්ලාදේශය හමුවේ සිදු වූ අනපේක්ෂිත පරාජය හේතුවෙන් එම අවස්ථාව මගහැරී ගියා.