fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශබන්දු තෙන්නකෝන්ට මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින්නැයි සිතාසි

ITN News Editor
By ITN News Editor මැයි 12, 2022 11:54

දේශබන්දු තෙන්නකෝන්ට මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින්නැයි සිතාසි

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ හෙට දිනයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර ඇති බව වාර්තා වනවා.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් තවමත් තහවුරු වී නැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටින්නේ.

පසුගිය 09 වනදා සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් සිදු කළ නිරීක්ෂණවලට අනුවයි මානව හිමිකම්  කොමිෂන් සභාව දේශබන්දු තෙන්නකෝන් මහතාට සිතාසි නිකුත් කර ඇත්තේ. මෙම සිදු වීමේදී නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට අපොහොසත්වීම පිළිබදව විමසීම සදහා පොලිස්පතිවරයා මෙන්ම යුද හමුදාපතිවරයා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඊයේ කැදවා තිබුණා.

එහිදී මෙම ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීමට පොලීසිය මෙන්ම යුද හමුදාව ගත් ක්‍රියාමාර්ග පිළිබද කරුණු පැහැදිලි කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 12, 2022 11:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්