වව්නියාව දිස්ත්‍රික්කයේ ආර්ථික අපහසුතා ඇති පවුල්වල දරුවන් තුන්දහස් දෙසීයකට අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කිරීමක් පසුගියදා සිදු කෙරුණා.
වව්නියාව දකුණු කලාප අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 16 ක ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙනුයි මෙම පරිත්‍යාග සිදු කෙරුණේ. වව්නියාව මහමයිලන්කුලම ප්‍රාථමික විද්‍යාලයේ පැවති මෙම පරිත්‍යාගයන්ට විශේෂඥ වෛද්‍ය රම්‍යාද සිල්වා මහත්මියගේ හා පරිපාලන සේවා පුහුණු ආයතනයේ විශ්‍රාමික සරත් එදිරිවීර මහතාගේ පූර්ණ මූල්‍ය අනුග්‍රහය මේ සඳහා ලැබී තිබුණා. මෙම පොත් බෙදාදීම මෙවර සිදු කෙරුණේ 9 වන වරටයි. වව්නියාව පූජ්‍ය ලිදවැවේ අමරජෝති ස්වාමීන් වහන්සේගේ සම්බන්ධීකරණයෙනුයි මෙම උත්සවය සංවිධාන කර තිබුණේ.