අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය ධූරයෙන් ඉවත් නොවන ලෙසට බල කරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුණා.
තවමත් විරෝධතාකරුවන් මන්දිරය ඉදිරිපිට සහ ඇතුළත රැස්ව සිටින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
පළාත් පාලන නියෝජිතයන් ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව අද පෙරවරුවේ අරලියගහ මන්දිරය ඉදිරිපිටට රැස්ව සිටියා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට සූදානම් වන බවට පසුගිය දින කිහිපය පුරා පැතිර ගිය ආරංචි මාර්ග සමගයි.
කෙසේ වෙතත් මොවුන් අග්‍රාමාත්‍ය තනතුරෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස් නොවිය යුතු බවයි. අද දින අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතව තිබෙනවා. තවමත් ජනතාව අරලියගහ මන්දිරය ඉදිරිපිට රැදී සිටිමින් ධූරයෙන් ඉල්ලා අස් නොවන ලෙසට හඩ නගමින් සිටින බවයි අප වාර්තාකරුවන් සදහන් කරන්නේ.