Country | Buying | Selling | |
![]() ![]() | Dollar | 198.50 | 202.99 |
USA | |||
![]() ![]() | Pound | 273.27 | 282.08 |
UK | |||
![]() ![]() | Euro | 233.75 | 242.34 |
EU | |||
![]() ![]() | Yen | 1.79 | 1.86 |
Japan | |||
![]() ![]() | Yuan | 30.23 | 31.50 |
China | |||
![]() ![]() | Dollar | 144.54 | 150.86 |
Australia |
ආදරය කරුණාව වැඩියෙන්ම එකතු වුණු අකුරු තුනක වචනය “අම්මා”
Related Articles
මේ ලෝකෙ තියෙනවා ආදරය කරුණාව වැඩියෙන්ම එකතු වුණු අකුරු තුනක වචනයක්. ඒ තමයි අම්මා. ලෝකයේ කොතනක හෙව්වත් අම්මගෙ ආදරයට විකල්පයක් හොයාගන්න නම් අපිට කිසිදාක හැකියාවක් ලැබෙන්නේ නැහැ. අද ලෝක මව්වරුන්ගේ දිනය. අපි මේ සටහන තබන්නේ මේ ලෝකේ ඉන්න හැම අම්මා කෙනෙක් වෙනුවෙන්මයි.
ජීවිතේ සමහර දේවල් අපි ළගින්ම තියෙන කොට අපිට හරිහැටි අගයක් දැනෙන්නේ නැහැ. ඒත් පුංචි කාලයකට හරි ඒ දේවල් අපෙන් ඈතට ගියොත් අපිට පුදුමාකාර විදියට ඒ දේවල් මතක් වෙනවා. අම්මගේ ආදරයත් හරියට ඒ වගේමයි. නිතරම හොයල බලද්දී පරිස්සම් කරද්දී අවවාද කරද්දී අපිට හිතෙනවා ඒක කරදරයක් කියලා. ඒත් අම්මගෙ ආදරය හරියටම තේරුම් ගන්න දවසකදී ඕනෑම මිනිසෙකුගේ ඇස්වලට කදුළක් නැගෙනවමයි. අම්මා අපි වෙනුවෙන් අවුරුද්දේ දින 365 ම වෙන්කරනවා කියන එක හැම දරුවෙක්ම දන්නවා. ඒ අම්මා වෙනුවෙන් සෑම වසරකම මැයි මාසයේ දෙවෙනි සතියේ ඉරිදාව ලෝක මව්වරුන්ගේ දිනය විදියට නම්කරලා තියෙන්නේ ඒ අපරිමාණ ආදරය සෙනෙහස ලොවපුරා ගෞරවණීයත්වයට පත්කරන්නයි.
මහ ලොකු සැමරුම් සාද උත්සව මේදේවල් අම්මා කෙනෙක් කිසිම දවසක බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමන්ගේ බත් ටිකත් දරුවට දීලා දරුවන්ගේ හිනාව දිහා බලලා හිත පුරවගන්න තරම් පුදුමාකාර හැකියාවක් අම්මෙක්ට තියෙනවා. ඒ නිසා මහලොකු සැමරුම් උත්සව නැතුව අද දවසෙදී එකම එක දෙයක් අම්මා වෙනුවෙන් අපි කළයුතුයි. ඒ තමයි ඇත්තටම අම්මට අපි මොනවද කරලා තියෙන්නේ ? හැම දරුවෙක්ම අද ඒ ප්‍රශ්නය තමන්ගේ හදවතේ සාක්ෂියෙන් අහල බලමු. අම්මා එපා කියද්දිත් වැරදි පාරවල්වල ගියපු දරුවන්ට පුළුවන් හරි පාර පැත්තට පළවෙනි පියවර අද තියන්න. හිත් අමනාපකම් නිසා අම්මාගෙන් ඈත් වුණු දුවල පුතාලට පුළුවන් අම්මව බලන්න යන්න. එහෙම බැරිනම් පුංචි දුරකථන ඇමතුමක් හරි දෙන්න බැරිකමක් නැහැ නේද?
අම්මා ගතින් දුර්වල නම් තමන්ගේ දෑතින් පිරිසිදු කරලා කන්න ආස කෑම ටිකක් හදලා ආදරෙන් කැව්වොත් ඒ අහිංසක හිතට මොනතරම් සතුටක් දැනේවිද? දරුවෝ ජීවිතය දිනනවා දකින්න බලන් ඉන්න අම්මා කෙනෙක් වෙනුවෙන් තමන්ගේ අරමුණු වෙනුවෙන් එක ශක්තිමත් පියවරක් අද අපි තිබ්බොත් අම්මාට මොනතරම් සතුටක් දැනේවිද? අද අපි ඒ ගැන හිතමු. මව් සෙනෙහස වෙනුවෙන් කවි ගී කොයිතරම් ලියවුණත් පොත් පුරා අම්මා ගැන ලිව්වත් හිත්පුරා ඒ සෙනෙහසට ගෞරවයක් නැත්නම් අපි ඉන්නේ කොතනද? අන්න ඒ නිසා වර්ණවත් සැමරුම් උත්සව වෙනුවට අම්මාගෙ මුහුණට එක පුංචි සිනහවක් අරගෙන එන්න අද උත්සාහ කරමු. අදට විතරක් නෙමෙයි දින 365 හේම ඒ හිනාව පරිස්සම් කරගන්නත් උත්සාහ කරමු.