හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 7පිහිටි නිවස ඉදිරිපිට අද පෙරවරුවේ විරෝධතා 02 ක් පැවැත්වුණා.
රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි බල කරමින් එක් උද්ඝෝෂණයක් පැවති අතර දෙවැන්න පැවැත්වුණේ වික්‍රමසිංහ මහතාට සහය පළකරමිනුයි.
එක්සත් ජාතික පක්ෂය ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේ උද්ඝෝෂකයන්ට තමා හමුවීමට අවශ්‍ය නම් ලබන සඳුදා දිනයේදී සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණ තමා හමුවිය හැකි බව රනිල් වික්‍රමසිංහ මහතා දන්වූ බවයි.