හර්තාල් හේතුවෙන් අඩපණවූ බස් සහ දුම්රිය ධාවනය අද සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා. කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසන්නේ ඉන්ධන අර්බුදය හේතුවෙන් බස් රථ ධාවනය සීමා කෙරෙන බවයි.
වෘත්තීය සිමිති රැසක් එක්ව ඊයේ ක්‍රියාත්ම කළ හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් ගමනා ගමන කටයුතු වලට බාධා එල්ල වුණා. කෙසේ වෙතත් දුම්රිය ධාවනය අද උදෑසන සාමාන්‍ය පරිදි සිදු කෙරුණු අතර අද සවස් වන විට දුම්රිය ධාවන කටයුතු යතා තත්ත්වයට පත් වනු ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා පවසනවා.
මේ අතර ලංකා ගමනා ගමන මණ්ඩලය පවසන්නේ දුර ගමන් සේවා ඇතුළු බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/WgavyFiJoQw”]