අද (5) මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ ධාවනයෙන් ඉවත්වීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කළ බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
හෙට දිනයේ පමණක් නොව ඉදිරි දින කිහිපය තුළම බස් ධාවනයෙන් ඉවත් වීමට බොහෝ විට හැකියාව ඇති බවටද ඔහු අනතුරු අඟවනවා.
ඊට ප්‍රධාන හේතුව ඉන්ධනහල්වල ඩීසල් මේ වන විටත් නොමැති බවයි ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ.
මේ නිසා දැඩි අපහසුවට පත්වන මඟී ජනතාවට ඔහු කණගාටුවද ප්‍රකාශ කළා.
අත්‍යාවශ්‍ය සේවා සඳහා සේවක මණ්ඩල ප්‍රවාහන කටයුතුවලට හැකි උපරිමයෙන් උත්සාහ කරන බවත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.