සංවිධානාත්මක කොල්ලකෑම් රැසකට සම්බන්ධ බව කියන ගෑස් රාජා නමැති සැකකරු ඇතුළු 03 දෙනෙකු සොරා ගත් රන් පවුම් 22 ක් සමඟ පොලිස් අත්අඩංගුවට පත් වුණා.
කාන්තාවන් සමඟ මිතුරු වි ඔවුන්ගේ රන් භාණ්ඩ පැහැර ගැනීම හා නිවාස වලට පැන සොරකම් කිරිම ඇතුළු කොල්ලකෑම් රැසක් මොවුන් සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ තිස්සමහාරාම පොලිසිය මඟින්. තිස්සමහාරාම ප්රදේශයේ නිවාස 02 කින් කොල්ල කෑ රන් මාල කරාබු වළලු ඇතුළු පවුම් 20 ක රණ් භාණ්ඩ හා තිහගොඩ ප්රදේශයේ නිවසකින් කොල්ලකෑ පවුම් 2 ක රත්තරන් මොවුන් ළඟ තිබි සොයා ගෙන තිබෙනවා සැකකරුවන් තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.