පිරිසක් හෙට දිනයේ වැඩවර්ජනයක් සිදු කරන බව ප්‍රකාශ කරන අතර තවත් පිරිසක් කියා සිටින්නේ තමන් මෙම වර්ජනයට සම්බන්ධ නොවන බවයි.
තැපැල් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති හෙට දිනයේ වැඩවර්ජනයකට හා හර්තාලයකට සූදානමින් සිටින බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අවධාරණය කරනවා. තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති 27 ක් වර්ජනයට එක් වනවා.
වරාය, ඛණිජතෙල්, ජල, විදුලිබල, දුම්රිය, ගමනාගමන,ආදී ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති නායකයින් රැසක්ම මාධ්‍ය හමු පවත්වමින් තමන් වර්ජනයට එක්වන්නේ නැති බව අවධාරණය කළා.
දුම්රිය ද සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය සේවාව සදහන් කරනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/3dca03VdJFg”]