ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු වු ඒ .ජේ රණසිංහ මහතා අභාවප්‍රාප්ත වුණා.
ඒ.ජේ රණසිංහ මහතා අභාවප්‍රාප්ත වන විට අනු පස් වන වියේ පසු වුනා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකරිකයෙකු වු ඒ මහතා හිටපු ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයෙකු ද වනවා . 1994 වසරේ පැවති ජනධිපතිවරනයට ස්වාධින අපේක්ෂකයෙකු ලෙස ඒ මහතා තරඟ කළා. ටවර්හෝල් රඟහල පදනමේ පළමු අධ්යක්ෂ ජනරාල්වරයා වු ඒ. ජ් රණසිංහ මහතා කැනඩාවේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ලෙස ද කටයුතු කොට තිබෙනවා.අභාවප්‍රාප්ත ඒ ජේ රරණසිංහ මහතාගේ දේහය කොළඔ 04 රීඩ් මාවත නිවසෙහි තැන්පත් කර තිබෙනවා .
අවසන් කටයුතු අද පස්වරු 06 ට බොරැල්ල කනත්තේදි සිදු කිරිමට නියමිතයි.