වව්නියාව කෝදණ්ඩ නොච්චිකුලම් ප්රදේශයේ දී ආයුධ සන්නද්ධ අපරාධ කල්ලියකට අයත් සාමාජිකයින් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පුලියන්කුලම් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත්තා.
නොච්චිකුලම් ප්රදේශයේ පැවති සාදයක් වැටලීමේදීයි මෙම තරුණයින් අත්අඩංගුවට ගැණුනේ. ඔවුන්ගේ ජංගම දුරකතනවල තිබී ඡායාරූප රැසක් සොයා ගත්තා. අපරාධකල්ලියේ ප්රධාන සාමාජිකයින් සමඟ ගත් ඡායාරූප ,තියුණු ආයුධ භාවිත කරන අයුරු මෙන්ම සමාජ විරෝධී ක්රියාවල නිරතවන ආකාරය සඳහන් ඡායාරූප ද සොයාගෙන තිබෙනවා.