ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියදුරන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ප්‍රවාහන කටයුතු වලින් ඉවත්ව සිටිනවා. ඒ ඉන්ධන මිල ඉහළයාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට විරෝධය පළකරමින්.
ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට විරෝධය පළකරමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ප්‍රවාහන කටයුතු වලින් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියදුරන්ගේ සංගමය ඉවත්ව සිටිනවා. ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා තම ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටින්නේ ටැංකි රථ රියදුරන් ඉන්ධන ප්‍රවාහන කටයුතුවලින් ඉවත් වන්නේ නම් ඒ සදහා විකල්ප ක්‍රම භාවිත කරන බවයි. පෞද්ගලික අංශයට අයත් කුලී පදනම මත ලබා ගන්නා බවුසර් සඳහා පසුගිය වසරේ ජූලි මාසයේ සිට අවස්ථා පහකදී මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. එය අවසානයේ දී සිදුකරන ලද සංශෝධනයට අමතරව සියයට අසූහතරක වර්ධනයක්. තවදුරටත් සංශෝධන සිදුකිරීමට අමාත්‍යංශය එකගත්වය පළ කර තිබුණත් ඒවා ප්‍රතික්ෂේප කිරීමටයි ඔවුන් ක්‍රියාකර ඇත්තේ. ඊයේ රාත්‍රියේ තම සමාජ මාධ්‍ය ගිණුම්වල විශේෂ සටහනක් තබමින් විෂයභාර අමාත්‍යවරයා තවදුරටත් කියාසිටියේ වහාම ක්‍රියාත්මක වන පරිදී ඉන්ධන ප්‍රවාහනයට මෙතෙක් බලපත්‍ර ලබා නොදුන් සහ ලබා ගැනීමට නොහැකිවූ නව ප්‍රවාහන කරුවන්ට කඩිනමින් නව බලපත්‍ර ලබා දීමටත් සේවයට වාර්තා නොකරන බලපත්‍ර ලාභීන්ගේ බලපත්‍ර අහෝසි කිරීමටත් තීරණයකළ බවයි.
ඊයේ පස්වරුව වනවිට ඉන්ධන බවුසර් 384කින් සහ දුම්රිය මගින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදුකළ බවද එහි සදහන්. එමෙන්ම ප්‍රමාණවත් පරිදි ඔටෝ ඩීසල්, සුපර් ඩීසල්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ භුමිතෙල් තොග වෙළෙදපොළට අඛණ්ඩව නිකුත් කරන බව ද අමාත්‍යවරයා සදහන් කළා. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් සීමිත තොග වශයෙන් වෙළෙදපොළට නිකුත් කරන බව ද එම සටහනේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.
කෙසේවෙතත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික ඉන්ධන ටැංකි රථ රියදුරන් වර්ජනය ආරම්භ කර තිබෙනවා. ඒ අනුව කොළොන්නාව නිමාව තෙල් ගබඩා සංකීර්ණයේ අද පෞද්ගලික ඉන්ධන බවුසර රථ දක්නට නොලැබුණු බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාවේ නිමාවෙන් ඉන්ධන රැගත් දුම්රිය පිටත්ව යන ආකාරයයි දක්නට ලැබුණේ. *