මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ප්රමුඛ දූත කණ්ඩායම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකළ සාකච්ඡා ඉතා සාර්ථක බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා.
අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල සැපයුම් දායම යළි සකස් කිරීම ශ්‍රී ලංකාවේ මූල්‍ය අපහසුතා ඉවත්කර ගැනීම සදහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම මෙන්ම සාර්ව ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කළ බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කරන්නේ. ශ්‍රී ලංකා දූත කණ්ඩායම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කලමනාකාර අධ්යක්ෂ ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසක් මුණගැසුනා. ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් කඩිනම් සහන සැපයීම සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමු වී තිබෙනවා. මෙම සාකච්ඡාවලට ඉන්දීය මුදල් අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් යුතු ඉන්දීය දූත කණ්ඩායමක් ද එක්වුණා. ඉන්ධන සහ වෙනත් ආනයන සදහා ඉන්දීය රජයේ සහයෝගය ලබා දෙන බවයි ඔවුන් මෙහිදී සදහන් කර ඇත්තේ.