ඉන්දීය රජය විසින් මෙරටට පරිත්‍යාග කරන ලද ඇමරිකානු ඩොලර් 15415 ක් වටිනා ඖෂධ තොගයක් ඊයේ දින (29) ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත කොළඹ වරායේදී භාර දෙන ලදි.
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 95 කින් සමන්විත මෙම පරිත්‍යාගය ඉන්දීය නාවික හමුදාවට අයත් “ගිරිජ” නෞකාව මගින් මෙරටට ගෙන එන ලදි.
අප රට ඖෂධ හිඟයකට මුහුණ දෙමින් සිටින මේ අවස්ථාවේ , ඒ සඳහා විශේෂයෙන් ඉන්දියාවෙන් ලැබෙන සහය අගය කරන බවත්, සෑම අසීරු මොහොතකදී අසල්වැසි රට ලෙස ඉන්දියාව අප වෙත දක්වන අනුග්‍රහය අතිමහත් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉන්දියානු මහ කොමසාරිස්වරයා හමුවේ පවසන ලදි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ මහ ලේකම් ආචාර්ය රාකේෂ් පාණ්ඩේ ,ඉන්දීය ආරක්ෂක සම්බන්ධීකාරක කපිතාන් විකාසූඩ්,සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටු සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.