ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඉන්දියාවේ දිල්ලි නගරයේ ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටීමට ලක්ව ඇති අතර සුන්බුන් අතර සිරව සිටින පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්රියාත්මකයි. මෙහෙයුම් අතරතුරදී සුන්බුන් අතර සිරව සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්වුණා. තවත් පුද්ගලයෙකු සිරව සිටින බව ඔහුගේ ඥාතීන් පවසනවා. ගොඩනැගිල්ල කඩාවැටීමට හේතුව මේ වන තෙක් අනාවරණය වී නැහැ. ගොඩනැගිලි ඉදිකිරීම නිසි ප්රමිතියෙන් තොරව සිදු කිරීම හේතුවෙන් අනතුරු බහුලව සිදුවන රටක් ලෙස ඉන්දියාය දැක්විය හැකියි.