fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඖෂධ හා වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට ඉතාලියෙන් රුපියල් මිලියන 125ක ආධාරයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 26, 2022 13:21

ඖෂධ හා වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට ඉතාලියෙන් රුපියල් මිලියන 125ක ආධාරයක්

ශ්‍රී ලංකාවට ඖෂධ හා වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට රුපියල් මිලියන 125ක ආධාරයක් ලබාදීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා මැනෙල්ලා මහත්මිය නිවේදනය කරනවා. එම ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගය ලෝක සෞඛ්‍ය සංවිධාන හරහා මෙරටට ලබාදීමට නියමිතයි.

ශ්‍රී ලංකාව අපහසුතාවට පත්වූ සෑම අවස්ථාවකදීම සැබෑ මිතුරෙකු ලෙස ඉතාලිය දායකත්වය දක්වා ඇති බව තානාපතිවරිය මෙහිදී සිහිපත් කරනවා. 2004 වසරේ ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි තත්ත්වය හමුවේ ද මෙරට ජනතාවට අවශ්‍ය සහන කටයුතු සම්පාදනය කිරීමට ඉතාලිය මැදිහත්වූවා. මේ අතර මෙරට කෘෂිකාර්මික අංශය ශක්තිමත් කිරීමට මොනරාගල ප්‍රදේශයේ වැඩසටහනක් ආරම්භකර ඇති අතර මෙරට තරුණ ප්‍රජාවගේ වෘත්තීයමය කුසලතා නඟාසිටුවීමට ද ඉතාලි රජයේ දායකත්වය ලබාදී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 26, 2022 13:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්