දුම්රිය වෘත්තීය සමිති සන්ධානය දිනක සංකේත වැඩ වර්ජනයක් පවත්වන බව පවසනවා.
අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට පසුදා මධ්‍යම රාත්‍රිය දක්වා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි දුම්රිය වෘත්තී සමිති සන්ධානය පවසන්නේ. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළයාමත් සමග ජීවන වියදම වැඩිවීම මෙන්ම ඒ සම්බන්ධයෙන් ජනතාව සිදු කරන විරෝධතාවන්ට සහාය පල කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව ඔවුන් පවසනවා.
දුම්රිය වෘත්තීය සමිති 30 කට අධික සංඛ්‍යාවක් දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගයට එක් වන බවයි ඔවුන් කියා සිටින්නේ.