fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිල්ලි කැපිටල් කණ්ඩායමට කඩුලු නවයක ජයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 21, 2022 10:07

දිල්ලි කැපිටල් කණ්ඩායමට කඩුලු නවයක ජයක්

ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති 32 වන තරගය කඩුලු නවයකින් ජය ගැනීමට දිල්ලි කැපිටල් ක්‍රීඩකයින් සමත්වුණා.

කාසියේ වාසිය දිනූ දිල්ලි කැපිටල් පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කිංස් පිලට නියමිත පන්දුවාර විස්ස අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 115 ක් පමණයි. ජිටේෂ් ෂර්මා පන්දු 23 කදී ලකුණු 32 ක් රැස්කර ගත්තා. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල් පිලට පන්දුවාර 10 යි පන්දු තුනකදී එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට හැකිවුණා. ප්‍රිත්වී ෂෝ සහ ඩේවිඩ් වෝනර් පළමු කඩුල්ල සදහා වේගවත් ලකුණු 83 ක සබදතාවක් ගොඩනැගුවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 21, 2022 10:07

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්