පාර්ලිමේන්තුවේ ආසන වෙන් කරන්නේ කථානායකවරයාගේ එකඟතාවය අනුව ආණ්ඩු පක්ෂ කාර්යාලයෙන් බව, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (20) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මීට පෙර වි.ජ.මු. ලොකුබණ්ඩාර කථානායකවරයා ලෙස සිටියදී ආසන පැනවීම සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරයද සිහිපත් කළ ඔහු, වැඩිදුරටත් පැවසුවේ උගත් අය වගකීමෙන් කතා කළ යුතු බවය.
සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ, ඉවත් වූ කැබනට් අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවේ දෙවන පේළියට ගොස් ඇති බවටත්, රාජ්‍ය අමාත්‍යවරුන් තුන්වන පේළියට ගොස් ඇති බවටත්, අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි. පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරමින් නිවැරදි කරුණු ඉදිරිපත් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය,
ගරු කථානායකතුමනි, ගරු අනුර යාපා, මුදල් කාරක සභාවේ සභාපතිතුමා කියන කාරණා ගැන මගේ මතය ගැන කියන්න නෙවෙයි මම උත්සහ කරන්නේ. නමුත් ඔහු වැරදි දෙයක් කියපු එක නිවැරදි කරගත යුතුයි. අනුර යාපා මන්ත්‍රීතුමා පළමු වරට පාර්ලිමේන්තු ආපු කෙනෙක් නෙවෙයි. හොදින් මතක තියාගන්න, පාර්ලිමේන්තුවේ ආසන වෙන් කරන්නේ ඔබතුමාගේ එකඟතාවයෙන් ආණ්ඩු පක්ෂයේ කාර්යාලයෙන්. ඒ අනුව මම සිහිපත් කරනවා, එතුමාට මතක ඇති වි.ජ.මු.ලොකුබණ්ඩාර කථානායකතුමා මේ ආසනවල වෙන අය ඉන්දවපුවම කොහොමද වෙනස් කළේ කියලා. බන්දුල ගුණවර්ධන මන්ත්රීතුමාලා ඉන්නවා. ඒ නිසා බොරුවට, උගත් අය වගකීමකින් කතා කරන්න කියලයි මම කියන්නේ, නිවැරදි කරුණු. පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරන්න. වෛරයෙන් මේවා විසඳන්න බෑ. මේ වෛරයක් තියෙන්නේ. වෛරය වෙනම විසඳගන්න.”
එමෙන්ම පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවයක් ඇති වූ පසු ඒ අනුව කටයුතු කරනවා විනා පැය බාගයෙන් බාගයට අලුත් දේවල් යෝජනා කිරීම විපක්ෂයේ කාර්ය භාරය නොවන බවත් සභානායකවරයා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසමින් පාර්ලිමේන්තුවක් ගෙන යා නොහැකි බවත්, කාලය නාස්ති නොකළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.