චීනයේ ෂැන්ග්හයි නගරයෙන් තවත් කොරෝනා මරණ 7 ක් වාර්තා වනවා.
වසර දෙකකට පමණ පසු පෙරේදා දිනයේදී චීනයේ ෂැන්ග්හයි නගරයෙන් ප්‍රථම කොරෝනා මරණය වාර්තා වුණා. කොරෝනා වයිරස ව්‍යාප්තිය සාර්ථකව මැඩපැවැත්වූ රටක් ලෙස සැලකෙන චීනය පසුගිය මාසයේ දී ෂැන්ග්හයි නගරය සම්පූර්ණයෙන් වසා දැමුවේ කොරෝනා වයිරසයේ නව ප්‍රබේදයක ව්‍යාප්තියත් සමගයි.
අදියර දෙකක් යටතේ ෂැන්ග්හයි නගරය සම්පූර්ණයෙන්ම වසාදැමුණු අතර වයිරසය හේතුවෙන් මේ වනතෙක් මියගිය කිසිවෙකු වයිරසයට එරෙහි එන්නත් ලබාගෙන නොමැති බව ප්‍රාන්ත බලධාරීන් නිවේදනය කරනවා. මිලියන 25 ක් පමණ වන නගර වැසියන්ට දැඩි නිරෝධායන නීති යටතේ කාලය ගතකිරීමට සිදුව ඇති අතර ඔවුන් ආසාදිතභාවය පරීක්ෂා කිරීම සදහා දිගු පෝලිම්වල රැදී සිටින බවයි වාර්තා වන්නේ.