ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 224 කින් හමුවී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 6 කට ආසන්න වනවා.
සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,302 ක්. ඊයේ දිනයේදී වැඩිම කොරෝනා ආසාදිතයින සංඛ්‍යාවක් හමුව ඇත්තේ ජර්මනියෙන්. එම සංඛ්‍යාව 130,000 ට අධිකයි. එමෙන්ම ඊයේ දිනයේ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 338 සිදුව ඇත්තේ ඇමෙරිකාවෙන්.
ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටදෙලක්ෂ විසිඅට දහස් එකසිය අසූහතර දක්වා ඉහළ ගියා. එමෙන්ම හමුව ඇති සමස්ත වයිරස ආසාදිතයින සංඛ්‍යාව පනස්කෝටි හැටලක්ෂයකට අධික බවයි වාර්තා වන්නේ.