ගාලුමුවදොර උද්ඝෝෂණය අද පැවැත්වෙන්නේ 10 වන දිනටයි.
ගාලුමුවදොර පිටියට රැස්ව සිටින පිරිස් විවිධ සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරතව සිටිනවා. ශ්රවනාබාධිත පිරිසක්ද විරෝධතාවට එක්ව සිටිනවා.
මේ අතර ජාතික ජනබලවේගය සංවිධාන කළ විරෝධතා පාගමන වාද්දුව නගරයෙන් අද පෙරවරුවේ ආරම්භ වුණා. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ඇතුළු පක්ෂ ක්රියාකාරීන් ඊට එක්ව සිටින ආකාරයයි දැකගත හැකි වුනේ.