Update:නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (18) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
- දිනේෂ්ගුණවර්ධන මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා
පළාත්පාලන
- ඩග්ලස් දේවානන්දා මහතා – ධීවර අමාත්‍ය
- රමේෂ්පතිරණමහතා -අධ්‍යාපන, වැවිලිකර්මාන්ත
- ප්‍රසන්න රණතුංග මහතා – මහජන ආරක්ෂක, සංචාරක
- දිලුම් අමුණුගම මහතා – ප්‍රවාහන, කර්මාන්ත
- කණක හේරත් මහතා – මහාමාර්ග
- විදුර වික්‍රමනායක මහතා – කම්කරු
- ජානක වක්කුඹුර මහතා – කෘෂිකර්ම, වාරිමාර්ග
- ෂෙහාන් සේමසිංහ මහතා – වෙළෙඳ, සමෘද්ධි සංවර්ධන
- මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා – ජල සම්පාදන
- විමලවීර දිසානායක මහතා – වනජීවි හා වන සම්පත් සංරක්ෂණ
- කංචන විජේසේකර මහතා – බලශක්ති, විදුලිබල
- තේනුක විදානගමගේ මහතා – තරුණ හා ක්‍රීඩා
- නාලක ගොඩහේවා මහතා – ජනමාධ්‍ය
- චන්න ජයසුමන මහතා – සෞඛ්‍ය
- නසීර් අහමඩ් මහතා – පරිසර
- ප්‍රමිත බණ්ඩාර තේනතකෝන් මහතා – වරාය හා නාවික
ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා,විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ මුදල් අමාත්‍ය අලි සබ්රී යන මහත්වරුන් දැරූඅමාත්ය ධුරවල සංශෝධනයක් සිදු නොවිණ.
(නව කැබිනට් මණ්ඩලය අමතා ජනාධිපතිතුමා කළ කතාව අද (18) රාත්‍රී 7.30ට සියලු රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කෙරේ.)
නව කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දෙයි
නව කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දීමට නියමිතයි. නව කැබිනට් මණ්ඩලය අමාත්‍ය ධුර 15 කට සීමාවන බවයි වාර්තා වන්නේ.
ආණ්ඩුවේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධව විශේෂ සාකච්ඡා දෙකක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අමාත්‍ය ධුර වලින් ඉල්ලා අස් වූ හිටපු කැබිනට් ඇමතිවරුන්ද ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාව කර තිබෙනවා. සීමාසහිත කැබිනට් මණ්ඩලයක් පත්කිරීමේ අවශ්‍යතාව මෙම සාකච්ඡාවලදී ජනාධිපතිතුමා පෙන්වා දී තිබෙනවා. එමෙන්ම නව කැබිනට් මණ්ඩලයේ තනතුරු කිසිවක් බලාපොරොත්තු නොවන බවට හිටපු කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ප්‍රකාශ කර තිබෙනවා. පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට අමාත්‍යධූර හිමිවනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.