රුපියල් මිලියන 45 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්වුණා.
යාපනය ඩෙල්ෆ් මුහුදු ප්රදේශයේ දී සිදුකළ මෙහෙයුමකදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ. උතුරු නාවික විධානයේ නිලධාරීන් පිරිසක් සැකකටයුතු ඩිංගි යාත්රාවක් පරික්ෂා කිරීමේදී ගෝනි කිහිපයක් මුහුදට දමා සැකකරුවන් පලා යාමට උත්සාහ කර තිබුණා. නාවික නිලධාරීන් ලුහුබැදගොස් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ගෝනිවල කේරල ගංජා කිලෝග්රෑම් 150 ක් පමණ තීබු බවයි නාවික හමුදාව ප්රකාශ කළේ.