fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දික වීරකෝන්ගේ “බුදුන් උපන් දේශය” කෘතිය දොරට වඩී

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2022 13:16

ඉන්දික වීරකෝන්ගේ “බුදුන් උපන් දේශය” කෘතිය දොරට වඩී

ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති නිෂ්පාදක ඉන්දික වීරකෝන් රචනා කළ බුදුන් උපන් දේශය කෘතිය දොරට වැඩීමේ උත්සවය ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයේදී සිදුකෙරුණා.

ඒ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති නිරෝෂන් ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

දඹදිව බෞද්ධ වන්දනා සිද්ධස්ථාන , පූජා භූමි හා සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇති ලෝක උරුමයන් පිළිබඳ විස්තර ඇතුළත්ව ඉන්දික වීරකෝන් “බුදුන් උපන් දේශය” කෘතිය රචනා කර තිබෙනවා. ඡායාරූප ශිල්පය , වැඩසටහන් නිෂ්පාදනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සිය හැකියාවන් ප්‍රදර්ශනය කළ ඉන්දික වීරකෝන් රචනා කළ සිව්වන කෘතිය මෙයයි.

කෘතියේ පළමු පිටපත් සංස්කෘතික අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් ලීලසේන බැද්දගේ සහ ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ ට්‍රැවල්ස් පුද්ගලික ආයතනයේ සභාපති චාල්ස් ගුණසේකර යන මහත්වරුන්ට පිළිගැන්වීම සිදුකෙරුණා. මෙහි විශේෂ දේශන සිදුකළේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර සහ මහාචාර්ය කමල් වලේබොඩ යන මහත්වරුන් විසින්. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති නිරෝෂන් ප්‍රේමරත්න මහතා මෙහිදී අදහස් දක්වමින් කියාසිටියේ දක්ෂයින් නඟා සිටුවීමට ස්වාධීන රූපවාහිනිය නිරන්තරයෙන් කැපවන බවයි.

ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුධර්මන් රදලියගොඩ මහතා ද මෙහිදී අදහස් දැක්වූවා.

ස්වාධීන රූපවාහිනී ප්‍රධාන විධායක නිලධාරී නලීන් නිශ්ශංක , විධායක අධ්‍යක්ෂ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය මෙන්ම කාර්ය මණ්ඩලය ද විශාල පිරිසක් ද මෙම උත්සවයට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2022 13:16

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2022

logo