fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රංශ ජනාධිපතිවරණය උණුසුම් වෙයි – මැක්‍රෝන් හා මරීන් අතර තියුණු තරගයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2022 10:27

ප්‍රංශ ජනාධිපතිවරණය උණුසුම් වෙයි – මැක්‍රෝන් හා මරීන් අතර තියුණු තරගයක්

ඊයේ පැවති ප්‍රංශ ජනාධිපතිවරණයෙන් කිසිඳු අපේක්ෂකයෙකු 50% ක බහුතරය ලබා ගැනීමට සමත්වී නැහැ.

ඒ අනුව ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවන වටය ලබන 24 වනදා පැවැත්වෙනු ඇති. ඊයේ පැවති මැතිවරණයෙන් ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් 27.35%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගත් අතර අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකාව මරීන් ලූපෙන් හට ලබාගත හැකිවූයේ 23.97%ක ප්‍රතිශතයක් පමණයි. එමෙන්ම ජීන් ලූක් මෙලන්චෝන් හට හිමිකරගත හැකි වූයේ 21.7%ක ඡන්ද ප්‍රතිශතයක්. ඒ අනුව දෙවන වටයේ ඡන්ද විමසීමට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් හා මරීන් ලූපෙන් සුදුසුකම් ලබනවා. කෙසේ වුවද දෙදෙනා අතර තරගය තියුණු මුහුණුවරක් ගනු ඇති බවටයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2022 10:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්