උතුරු පළාතේ වී අස්වැන්න නෙලීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. කාබනික පොහොර භාවිතයෙන් කළ වගාවේ සාර්ථක අස්වැන්නක් ලැබෙමින් පවතින බවයි ගොවීන් පවසන්නේ.
මෙවර උතුරු පළාතේ කුඹුරු සියල්ලම පාහේ වගා කිරීමටයි ගොවීන් කටයුතු කළේ. වව්නියාව හා මුලතිව් ප්රදේශවල වී අස්වනු නෙලීම මේ වන විට ආරම්භ වී ඇති අතර සාර්ථක අස්වැන්නක් ලැබෙමින් පවතින බව ගොවීන් පෙන්වා දෙනවා. වී සදහා ඉහළ මිලක් පැවතීමද තමන්ට වාසි සහගත තත්ත්වයක් බවයි ගොවීන් තවදුරටත් පෙන්වා දෙන්නේ. මෙවර වී වගාව සදහා කාබනික පොහොර යෙදා ගැනුනු අතර අස්වැන්නේ අඩුවක් නොමැති බවද ගොවීන් පවසනවා.
මේ අතර කාබනික පොහොර භාවිතයෙන් සිදු කළ සාර්ථක පේර වගාවක් පිළිබද පොලොන්නරුව මැදිරිගිරිය ප්රදේශයෙන් වාර්තා වනවා. සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන්ගේ දායකත්වයෙන් ගල්ඔය ප්රදේශයේ පවත්වාගෙන යන මෙම පේර වගාවේ අස්වනු නෙලීම මේදිනවල සිදු කෙරෙන. පේර කිලෝග්රැමයක් රුපියල් 150 ත් 200 ත් අතර මිළකට අලෙවි වනවා.