තණමල්විල බෝදාගමදී සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් මිය ගොස් තිබෙනවා.
ට්රක් රථයක් සහ ත්රී රෝද රථයක් එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත්තේ අද (07) දහවල් කාලයේදීය.
මෙම අනතුරින් ත්රී රෝද රථයේ ගමන් කරමින් සිටි එකම පවුලේ පියාත්, මවත්, දියණියත් එම ස්ථානයේ දීම මිය ගොස් ඇත.
අනතුර පිළිබඳ තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.