fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2022 09:12

පළාත් කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම, සබරගමුව, දකුණ, බස්නාහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (06) දහවල් 12:13 ට වැලිපැන්න, මොරගල, වැද්දාගල, දොලේකන්ද, පල්ලෙබැද්ද, අඟුණකොළපැලැස්ස සහ මහිරාව යන ප්‍රදේශ වලට හිරු මුදුන් වනු ඇත.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2022 09:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්