ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව ඉන්ධන පෞද්ගලික බවුසර් රථ හිමියන් පවසනවා. ඔවුන්ට බලපෑ ගැටලුවලට විසදුම් ලබානොදුනහොත් සේවා වලින් ඉවත්වන බවටයි ප්රකාශකර තිබුණේ.
පෞද්ගලික බවුසර් රථ හිමියන්ගේ සංගමය සහ ඛණිජතෙල් පර්යන්ත කොළොන්නාව නිමාවේ සභාපතිවරයා සමග දෙවන දිනටත් අද සාකච්ඡා පැවැත්වුණා. එහිදී ඔවුන්ගේ ඉල්ලීම් කීපයකට විසදුම් ලැබී තිබෙනවා. සියලුම ඉල්ලීම්වලට විසදුම් නොලැබුණ ද පීඩාවට පත්ව සිටින ජනතාව ගැන සිතා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව ඔවුන් පවසනවා.
මේ අතර අද සිට ලබන 08 වනදා දක්වා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලිය කප්පාදු වැඩපිළිවල සදහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා. එහි දැක්වෙන්නේ එම දිනවලදී පැය හයයි විනාඩි තිහක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බවයි A සිට L කලාප දක්වා උදෑසන 08 ත් සවස 05 ත් අතර කාලය තුලදී පැය 04 ක් ද සවස 05 ත් රාත්රී 10 ත් අතර කාලය තුළදී පැය දෙයි විනාඩි 30 ක්ද විදුලිය විසන්ධි කරනවා. පී සිට ඩබ්ලිව් කලාපය දක්වා පෙරවරු 10 ත් සවස 06 ත් කාලය තුළදී පැය 04 ක්ද සවස 06 ත් රාත්රී 10 ත් අතර කාලය තුළදී පැය 2 යි විනාඩි 30 ක් ද විදුලිය විසන්ධි කෙරෙනවා.