ශ්‍රී ලංකා මහංබැංකුවේ අධිපති ධුරය භාර ගන්නා ලෙස රජය කළ ඉල්ලීමට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එකඟත්වය පත් කර තිබෙනවා. ඒ මහතා ලබන අනිද්දා වැඩ භාරගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා මහබැංකු අධිපති ධුරය භාරගන්නා ලෙස තමාට රජය ආරාධනා කළ බව බීබීසී පුවත් සේවයට නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා. ඒ මහතා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ එම ආරාධනය සදහා තමා එකගත්වය පල කළ බවයි. දැනට ඕස්ට්‍රේලියාවේ සිටින තමා අනිද්දා දිනයේ ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් එහිදී මහබැංකු අධිපති ධුරය භාරගැනීමට නියමිත බවත් වීරසිංහ මහතා බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කර තිබෙනවා.
ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2011 වසරේ සිට 2020 දක්වා මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ලෙස කටයුතු කළා. ඒ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වසර ගණනාවක් ක්‍රියා කර තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ නැෂනල් යුනිවසිටියෙන් ආර්ථික විද්‍යා ආචාර්ය උපාධිය සහ පශ්චාත් උපාධිය හිමිකර ගත් නන්දලාන් වීරසිංහ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියකු වනවා.