fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චෙන්නායි සුපර්කින්ස් 3 වන තරඟයෙනුත් පරාජය වෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2022 19:59

චෙන්නායි සුපර්කින්ස් 3 වන තරඟයෙනුත් පරාජය වෙයි

ඉන්දීය ප්‍රමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ 3වන තරගයෙන්ද පරාජයට පත්වීමට චෙන්නායි සුපර්කින්ස් කණ්ඩායමට සිදු වුණා.

තරගාවලියේ 11 වන තරගයෙන් පන්ජාබ් කින්ස් කණ්ඩායම හමුවේ ලකුණු 54 ක පරාජයක් ලැබීමටයි චෙන්නායි සුපර් කින්ස් කණ්ඩායමට සිදු වුණේ. කාසියේ වාසිය දිනූ සුපර්කින්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව පන්ජාබ් පිළට ලබා දුන්නා. ඒ අනුව පන්ජාබ් පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 180 ක් රැස් කළා. පිළිතුරු ඉන්ම ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කින්ස් කණ්ඩායමට පන්දුවාර 18 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 126 ක් පමණයි.

සංචාරක බංගලාදේශ කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය නිමාවුණේ දකුණු අප්‍රිකාවට වැඩි බලාපොරොත්තු හිමිකර දෙමින්.   ඊයේ තරගය ආරම්භ කරන විට දකුණු අප්‍රිකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 6 ක් ලබාගෙන සිටියා. ඔවුන්ගේ දෙවන ඉණිම ලකුණු 204 කට සීමා වුණා. ඊයේ දිනය අවසන් වනවිට ලකුණු 274 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 11 ක් ලබා සිටියා. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 263 ක් ලබාගත යුතුයි.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2022 19:59

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්