යුක්රේනයේ දකුණුදිග වෙරළ නගරයක් වන ඔඩෙස්සා නගරයේ පිපිරීම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නගරයපුරා දැවැන්ත කළු දුමාරයක් පැතිර යන ආකාරය දැකගැනීමට හැකි බවයි විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ. රුසියානු මිසයිල ප්‍රහාර කිහිපයක් එම ප්‍රදේශයට එල්ලවී ඇති බවයි යුක්රේන ආරක්ෂක අංශ සඳහන් කරන්නේ. එම මිසයිල ප්‍රහාර වලින් ඔඩෙස්සා නගරයේ ඇති තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් මුළුමණින්ම විනාශවී ඇති බව රුසියා හා යුක්රේන බලධාරීන් පවසනවා. ඉන්ධන ගබඩා තුනක් මෙලෙස විනාශයට පත්ව ඇති බවයි යුක්රේන ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.