ශ්‍රී ලංකාව සහ බහරේනය අතර ගුවන් ගමන් නවතා දැමීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කරයි
Related Articles
ලබන මැයි මස 12 වන දින සිට යූඑල් 201 සහ යූඑල් 202 යන අංක යටතේ කොළඹ සහ බහරේනය අතර ගුවන් ගමන් නවතා දැමීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකන් ගුවන් සේවය එහි ගෝලීය ගුවන් ගමන් ජාලය තුළ ඇති ගමනාන්තයන් වෙත සිදු කෙරෙන මෙහෙයුම්වල කිසිදු වෙනසක් සිදුකර නැහැ. එහෙත් ශ්‍රීලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්වයන් අසත්‍ය ප්‍රචාර සිදුකරමින් සිටින බවද එම ගුවන් සේවය පවසනවා.
මෙවැනි අසත්‍ය ප්‍රචාර තුළින් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබද කණගාටුව පළකරන බවද ගුවන් සේවය සදහන් කළා.