දීර්ඝ වේලාවක් විදුලිය විසන්ධි වීම හේතුවෙන් දුම්රිය හරස් මාර්ග සංඥා ක්රියාත්මක කිරීමට ද බලපෑම් එල්ලවී තිබෙනවා.
දුම්රිය හරස් මාර්ගවල රථවාහනවලට සංඥා ලබා දීම සීනුවක් නාද කිරීමෙන් හෝ ආලෝක සංඥා නිකුත් කිරීමෙන් සිදුවනවා. ඒවා බොහෝ විට ක්රියාත්මක වන්නේ විදුලි බලයෙන්. විදුලි බලය නොමැති අවස්ථාවලදී බැටරි මගින් මේවා ක්රියාත්මක වන අතර මේ දිනවල පවත්නා විදුලිය විසන්ධි කිරීම් හේතුවෙන් එම බැටරි ක්රියාත්මක කළ හැකි කාල සීමාවද සීමා වී තිබෙනවා.
මෙය දුම්රිය හරස්මාර්ගවල සංඥා පද්ධති ක්රියාත්මක කිරීමට ප්රබල බලපෑමක් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.