උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
යාපනය, කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා රැසක් මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් නාවික හමුදාව විසින් ඊයේ (30) දින රාත්‍රීයේ සිදු කළ අතර, එහිදී මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධිවර කටයුතු සිදු කළ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙලෙස නාවික හමුදා භාරයටගත් ට්‍රෝලර් යාත්‍රාව සහ ඉන්දීය ජාතික ධීවරයින් තිදෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් යාපනය ධීවර පරික්ෂක කාර්යාලය වෙත භාර දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවති.
මෙරට මත්ස්‍ය සම්පත සහ දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව සිදුකරනු ලබයි.