අම්පාර දිස්ත්රික්කයේ මෙවර සාර්ථක කහ අස්වැන්නක් ලැබෙමින් පවතිනවා. කහ මිලදී ගැනීමද මේ වන විට සිදු වනවා.
නාමල්ඔය ප්රදේශයෙන් කහ අස්වනු මිලදී ගැනීම ආරම්භ කළ දිනයේදීම මෙට්රික් ටොන් 200 ක් පමණ මිලදී ගෙන තිබෙනවා. එක් ගොවියෙකුගෙන් කහ කිලෝග්රෑම් පන්සියයක් මිලදී ගන්නා අතර කිලෝග්රෑම් එකක් සදහා රුපියල් 165 ක මුදලක් ලබා දෙනවා. පසුගිය වසරේදී කහ ආනයනය සදහා රුපියල් මිලියන එක්දහස් තුන්සියයක් වැය කර තිබෙනවා. එහෙත් මේ වනවිට ශ්රී ලංකාව කහ අස්වනුවලින් ස්වයංපෝෂිත වී ඇති බවයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/_Qr6rsT1WUo”]