වසර දෙකකට පසු මෙරටට සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂය ඉක්මවූවා. කෝවිඩ් වසංගතය හේතුවෙනුයි සංචාරක පැමිණීම අඩාල වූයේ.
මෙම මස පළමුවනදා සිට 29 වනදා දක්වා සංචාරකයින් එක්ලක්ෂ එක්දහස් එකසිය අනූ දෙදෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. මේ වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දෙලක්ෂ අසූදහස ඉක්මවන බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ. ජනවාරි පළමුවනදා සිට ඊයේ දක්වා මෙරටට සංචාරකයින් දෙලක්ෂ අසූදහස් විසිහය දෙනෙකු පැමිණ තිබෙනවා. සංචාරකයින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනුයි. එක්සත් රාජධානිය, ජර්මනිය, රුසියාව, ප්‍රංශය, පෝලන්තය, ඇමෙරිකාව, කැනඩාව යන රටවල් පිළිවෙළින් සංචාරකයින් වැඩිම පිරිසක් පැමිණි රටවල් අතර වනවා.
මේ වසර අවසන් වන විට මිලියනයකට අධික සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි යන්න සංචාරක අමාත්‍යාංශයේ විශ්වාසයයි. ඉන් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන දෙකයි දශම හතරක්. එම ඉලක්කය කරා ළගාවීම සදහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇති බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ.