රුසියාවට සම්බාධක පැනවූ යුරෝපා රටවල් එරටින් ගෑස් මිලදී ගැනීමේදී රූබල් වලින් ගෙවීම් සිදුනොකරන්නේ නම් ගෑස් සැපයීම අත්හිටුවන බවට රුසියාව අනතුරු අගවනවා.
ඇමෙරිකාව හා යුරෝපා රටවල් රුසියාවට සම්බාධක පැනවීමත් සමග එරටින් මිලදී ගන්නා ගෑස් සදහා රූබල් වලින් ගෙවීම් සිදුකළ යුතු බවට රුසියා ජනාධිපතිවරයා පසුගියදා නිවේදනය කළා. කෙසේ වුවද රූබල් වලින් ගෙවීම් සිදුකිරීමට තමන් සූදානම් නොමැති බවයි යුරෝපා රටවල් සදහන්කර සිටියේ. එලෙස රූබල් වලින් ගෙවීම් සිදුනොකරන්නේ නම් ගෑස් සැපයීම අත්හිටුවන බව ක්‍රෙම්ලින් මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොෆ් අද නිවේදනය කළා. රුසියාවට සම්බාධක පැනවීමත් සමග යුරෝපා කලාපයේ විදුලි, ඛණිජ තෙල් හා ගෑස් මිල ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.