fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුද ගැටුම් හේතුවෙන් යුක්රේනයේ චර්නිහිව් ප්‍රදේශයේ දහස් ගණනක ජනතාව සිරවෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2022 16:41

යුද ගැටුම් හේතුවෙන් යුක්රේනයේ චර්නිහිව් ප්‍රදේශයේ දහස් ගණනක ජනතාව සිරවෙයි

යුක්රේනයේ චර්නිහිව් ප්‍රදේශයේ දහස් ගණනක ජනතාව යුද ගැටුම් හේතුවෙන් සිරව සිටින බව වාර්තා වනවා.

පානීය ජලය, විදුලිය හා ගෑස් හිගවීමත් සමග චර්නිහිව් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිව බවද සදහන්. බෙලරූස් රාජ්‍ය හරහා රුසියා හමුදා යුක්රේනයට ඇතුළුවීමේ දී පහරදුන් ප්‍රථම නගරයක් ලෙස ද චර්නිහිව් නම්කළ හැකියි. යුද මෙහෙයුම් ආරම්භ වී මාසයක් ඉක්ම ගියද චර්නිහිව් අත්පත්කර ගැනීමට රුසියා හමුදා මේ වනතෙක් සමත්වී නැහැ. මේ අතර යුක්රේනයේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවට මුල්තැන දී කටයුතු කරන බව යුක්රේන ජනාධිපතිවරයා සදහන් කරනවා. යුක්රේන රුසියා දෙපාර්ශ්වය අතර පැවැත්වෙන නව වටයේ සාකච්ඡා හෙට තුර්කියේ දී පැවැත්වීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2022 16:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්