රට තුළ පැවැති ගැටලු වලට හේතුව එක් නීතියක් රට තුළ නොතිබීමයි
Related Articles
මෙතෙක් රට තුළ පැවැති බොහෝ ගැටලු වලට හේතුවූයේ එක් නීතියක් රට තුළ නොතිබීම බව එක් රටක් එක් නීතියක් සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ පවසනවා.
එක් රටක් එක් නීතියක් සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මහජන අදහස් විමසීම් සිදුකළ අවස්ථාවේදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ මේ බව පැවසුවේ. සියලුදෙනාට පොදු එක නීතියක් නිර්මාණය කරගැනීම වර්තමාන රජය තුලින් අපේක්ෂා කරන බව ද උන්වහන්සේ සදහන් කළා. ජනතාවට ඇති ගැටලු පිළිබදව මෙහිදී විමසා බැලීම් සිදුවූ අතර විවිධ ජන වර්ග හා ආගමික කොටස් නියෝජනය කරමින් බොහෝ පිරිසක් නියෝජිතයන් හමුවේ අදහස් පළකළා.