විදේශ ඇමති සහ දකුණු අප්‍රිකා තානාපති අතර හමුවක්
Related Articles
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා දකුණු අප්‍රිකා තානාපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වූවා.
දකුණු අප්‍රිකා තානාපති සන්ඩිල් එඩ්වින් ෂැල්ක් සහ අමාත්‍ය ජී එල් පීරිස් යන මහත්වරුන් අතර සාකච්ඡාව පැවැත්වුණේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදීයි. දකුණු අප්‍රිකාවේ ස්ථාපිත සත්‍ය හා ප්‍රතිසන්ධානය නමැති කොමිෂන් සභාව සතු අත්දැකීම් පිළිබඳ සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ වුණා. මෙහි අත්දැකීම් ශ්‍රී ලංකාව තුළ පවතින වාතාවරණයට ගැලපෙන පරිදි සකස්කර ගැනීමට කටයුතු කෙරෙන අතර අනෙක් රටවල් සතු ධනාත්මක අත්දැකීම් ලබගැනීම ශ්‍රී ලංකා රජයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.